Social Icons

Featured Posts

Tuesday, August 20, 2013

ඔබ ආයතනය වෙත බල්බ සාදා දිය හැකිය


මා හට ඔබ ආයාතනය වෙත ඉතා අඩු මදලට LED බල්බ සදා දිය හැකිය. එ සදහා බල්බ සදහා අවශ්‍ය බල්බ අවරනය හා LED ඔබගේ අයතනයෙන්ම ලබා ගත හැකිය. (එම උපකරන ඔබ ආයතනයෙන්ම ලබා ගන්නෙ අප වෙනත් ස්ථානයකින් එම උපකරන ලබා ගතහොත් ඔබගේ ආයතනය මෙතෙක් නිශ්පාදණය කරන ලද බල්බ වල ආලොකය යම් වෙනසක් සිදුවන නිසාය) ඔබට අවශ්‍ය ඔනැම වර්ගයක LED බල්බ බුදුරැස් වලලු බලුප් වැල් TV Remote එකෙන් ඔනැම විදුලි උපකරනයක් කියත්මක කල හැකි Remote සුවිච් හා ඔනැම PCB පරිපත ඉතාමත් අඩු මුදලට සාදවා ගත හැකිය. ඔනැම තොග ඔඩර් එකක් ඉතා ඉක්මනින් සාදවා ගත හැකිය.

LED 40-100 බල්බයකට    100 ද
LED 100-150 බල්බයකට 150 ද
LED 150-300  බල්බයකට  200 ද
3W SMD Chip  80  ද
5W SMD Chip  100  ද
7W SMD Chip  120  ද  
9W SMD Chip  150  ද     
12W SMD Chip 180 ද අය කෙරේ 
ඔබ ආයතනයට ගෙනවිත් බාර දිය හැකිය


0757197382 0785830832

පහත දැක්ෙවන බල්බ සාදවා ගත හකිය



















  



එල් ඊ ඩී දාමු විදුලිය ඉතිරි කරගමු

සී එෆ් එල් ෆ්ලොරසන්ට් සහ එල් ඊඩී බල්බ.
නිවාස එලිය කරන්නට මේ ළඟක් වෙනකම්ම පාවිච්චි කලේ එඩිසන් ගොයියා හදපු සූත්‍රිකා පහන. තෝමස් අල්වා එඩිසන් ඕක හදන්න හත්සිය අසූ හය වතාවක්ද කොහෙද උත්සාහ කරලා තිබුනාලු. කාලයක් යනකොට අපිට වාසියට වගේ ෆ්ලොරසන්ට් හෙවත් ටියුබ් ලයිට් ආවා. ටියුබ් ලයිට් එකක් හයි කරනවා කියන්නෙ ටිකක් සංකීර්ණ වැඩක්. ස්ටාටරේ,ටිකක් ලොකු පවර් කන්වර්ටර් කෑල්ලක් ආදිය ටියුබ් ලයිට් එකක් හදන්න වැය වෙනවා. ඉතිං ටියුබ් ලයිට් එහෙම වුනාට සූත්‍රිකා පහන් වලට වඩා විදුලිය ලබාගත්තෙ අඩුවෙන්. කාලයක් යද්දි ඔය දිග ටියුබ් එක කොට වෙලා ඇඹරිලා බලුබ් ජාතියක් ආවා සුසංහිත ප්‍රතිදීප්ත පහන් නොහොත් CFL කියාල. මේ බල්බ් ජාතිය කලිං තිබුන ටියුබ් ලයිට් එක වගේ නෙමෙ. ගෙනාව ඩුග් ගාල හෝල්ඩරේට හයි කලා වැඩේ ලේසියි. ඉතිං ඔය ජාති දෙකම මේ බ්ලොග් එක කියවන බොහොම දෙනා දන්නවා.

මේ සූත්‍රිකා පහනට වඩා ඉතිරි සී එෆ් එල් සහ ටියුබ් ලයිට් වල එලිය ටිකක් හොඳ වුනාට පොඩි රසදිය කේස් එකක් මේ දෙකේම තියෙනවා. රසදිය කියන්නෙ බැර ලෝහයක්. රසදිය ඇතුලෙ තිබුනාට ඔය බලුබ් ආදිය පිච්චුනාම බලුබ් කුඩුවෙලා ගියාම රසදිය ඇඟට කාන්දු වෙලා මහ දරුණු ලෙඩා ජාති හැදෙන්න පුළුවන් කියලා තමයි දොස්තර මහත්වරු කියන්නෙ. මේ තුනට අමතරව අලුත්ම එකක් ආවා එල් ඊ ඩී බල්බ් වලින් හදන අලුත් ජාතියෙ ලොකු බල්බ් එකක්.

එල් ඊ ඩී බල්බ් ..
මේ එල් ඊ ඩී බල්බ් වලට සිංහලෙන් කියන්නෙ ආලෝක විමෝචක දයෝඩ. ආලෝක විමෝචක දයෝඩ පත්තුවෙන්නෙ සරල ධාරවන් වලට. සිංහලෙන් කිව්වොත් ඩිරෙක්ට් කරන්ට් එකට. අපිට ගෙවල් වලට කණු දිගේ කෙලින්ම ලැබෙන ඇල්ලුවම ගැස්සෙන ධාරාව ප්‍රත්‍යාවර්ථ ධාරාව හෙවත් ඒ සී කරන්ට් එක ලෙසත් බැටරි වලින් ලැබෙන ගැස්සිලි අඩු ධාරාව සරල ධාරාව ලෙසත් අපිට සරලව හඳුන්වගන්න පුළුවනි. මේ එල් ඊ ඩී ලාම්පු වල මුලින්ම ආපු ලාම්පු ජාතිය තමයි චූටි එල් ඊඩී බල්බ් රාශියක් එක බල්බ් එකකට දාලා විසාල බල්බ් තඩියෙක් හදාගන්න එක . මේක නිකම් හරියට පොඩි එලියක් තියෙන කණාමැදිරියො අල්ලලා බලුබ් එකකට දාල ලකෙන් පුයිට් තියෙන කණාමැදිරියාගේ පස්ස එලියට හරවලා තියලා ලයිට් ගන්නවා වගේ වැඩක්. මේක එච්චරම කාර්යක්ෂම වැඩක් වුනේ නැහැ. ඒ වගේම හදන්නත් ටිකක් අමාරුයි. හැදුවත් ලැබෙන එලිය ප්‍රමාණය මදි ලයින් එකක් ආවා. ඒත් ශක්තිය ඉතිරි වීම අතින් නම් මේ කුඩාම එල් ඊ ඩී යොදලා හදන පහන් සුපිරි කියලා තමයි කියන්නෙ.

2008 වර්ශයේදී ෆිලිෆ්ස් කියන සමාගම අමරිකාවෙදි සම්මානයක් දිනනවා බලශක්තිය ඉතිරිකිරීම සම්බන්ධයෙන්. ඒ අලුත්ම තාලෙ එල් ඊඩී බලුබ් ජාතියකට. ඒ බල්බ් ඇවිල්ලා 1W වැනි සාපෙක්ෂ විශාල ශක්තියක් යටතේ වැඩකරන ඒවා. දැන් ඒ අලුත් එල් ඊඩී බලුබ් ජාති යොදලා හදන විසාල බල්බ තියෙනවා. (2,3,4)W ආදි විශාල පරාසයක මේ කුඩා එල් ඊඩී බල්බ ජාතිය දැන් තිබෙනවා. ඒ බල්බ වලත් එක එක ආලෝක ප්‍රමාණ නිකුත් කරන බල්බ තිබෙනවා.

දැන් මේ බල්බ් භාවිත කරලා අපිට ඩ්‍රයිවර් සර්කිට් එකක්( පරිවර්ථනය කරන පරිපථයක්) නැතිව කෙලින්ම බැටරි කරන්ට් එකෙන් බලුබ් පත්තු කරත හැකි. ඒ නිසා මේ නව කුඩා එල් ඊ ඩී බල්බු යොදලා විදුලි පහන් ආදිය සැහැල්ලු විදියට නිර්මාණය කරන්න හැකි වුනා. ඒ වගේම දැන් දැන් එන ජංගම දුරකථන ආදියේ කැමරාවෙ ෆ්ලෑෂ් ලයිට් එක විදියට වැඩකරන්නෙ මේ අලුත් ජාතියේ එල් ඊ ඩී SMD LED ජාතිය. නවීන මෝටර් රථවලට එන ලයිට් පවා දැන් දැන් එල් ඊ ඩි වලට හැරෙමින් යනවාලු.


මේ බල්බ් එකෙන් විශාල ශක්ති ඉතිරියක් වෙනවද?
මේකනම් ටිකක් බොන්න ඕනි ගැටලුවක්. නමුත් මේ එල් ඊ ඩී එලිය සූත්‍රිකා පහනට වඩා එලියෙන් සෞම්‍යයි. අනික් ටියුබ් ලයිට් සහ ප්‍රතිදීප්ත පහන් වල තියෙන රසදිය සම්බන්ද ගැටලුව පැන නගින්නේ නැහැ. මේ නව එල් ඊ ඩී බල්බ් වලට විශාල ප්‍රමාණයේ තාප අවශෝෂක කොටස් එනවා. ඒ කියන්නෙ බල්බයේ තාපය ලෙස හානිවන ශක්තිය සාපේක්ෂව වැඩියි. ඒ නිසා මේ බල්බ් අපි හදන්නෙ 3,5,7,9,12,15 W ආදි වශයෙන් වුවත් ඒ අගයට වඩා තරමක් වැඩි අගයක් බල්බය විසින් ලබාගන්නවා වෙන් පුලුවනි. අනික් කාරණාව තමයි අපේ නිවෙස්වල භාවිතා කරන උපකරණ වලින් කෙතෙක් ප්‍රමාණයක් නිවසට ආලෝකය සපයන්න වැයවෙනවාද කියන කාරණාව. හොඳින් සලකා බැලුවොත් ඔබ මේ ලිපිය කියවන්න භාවිත කරන්නෙ පරිඝනක යන්ත්‍රයක් නම් ඔබ භාවිත කරන පරිඝනක යන්ත්‍රය නිවසේ සියලුම ලයිට් වලට වඩා වැඩි විදුලි බල ප්‍රමාණයක් ලබාගන්නවා වෙන්නත් පුළුවනි.




මා හට ඔබ ආයතනයෙන් බල්බ මිලදි ගෙන නැවත ඔබ ආයතනය වෙත බල්බ සාදා දිය හැකිය

LED 40-100 බල්බයකට    100 ද
LED 100-150 බල්බයකට 150 ද
LED 150-300  බල්බයකට  200 ද
3W SMD Chip  80  ද
5W SMD Chip  100  ද
7W SMD Chip  120  ද  
9W SMD Chip  150  ද       
12W SMD Chip 180 ද අය කෙරේ 
ඔබ ආයතනයට ගෙනවිත් බාර දිය හැකිය
0757197382   chamaraa9@gmail.com
  

Wesak Bulb







7W LED